නිශ්ශංක සේනාධිපති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලබන 26 වනදා පෙරවරු 10.00ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන්  සිදුවූ හානිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතා විසින් සිදුකළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සදහා මෙම කැදවීම සිදුකර තිබේ.

මීට අමතරව හිටපු අමාත්‍යාංශ ලේකම් වික්ටර් සමරවීර සහ ජාතික පොලිස් කොමිසමේ හිටපු වැඩබලන ලේකම් සමන් දිසානායක යන මහත්වරුන් සිදුකළ පැමිණිලි පිළිබඳ සාක්ෂි විමසීම ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.