හිටපු ජනපති මෛත‍්‍රී ගුවන් විදුලි නිවේදකයෙකු ලෙස එක්වේ.. සමාජජාලවල උණුසුම් ප‍්‍රතිචාර..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ගුවන් විදුලි නාලිකාවක නිවේදකයකු ලෙස එක්විය.

දෙරණ ගුවන් විදුලි නාලිකාවේ ‘අපි නොදන්න රේඩියෝ’ වැඩසටහනට ඒ මහතා සහාය නිවේදකයෙකු ලෙස අද කටයුතු කළේය.

ඔහු එහි ගීත කිහිපයක් ද ගායනා කරන්නට යෙදුණි. ගීත විචාරයන් කිහිපයක් ද සිදු කළේය.

වැඩසටහන සමාජජාලාවල සජීව විකාශය කරන අවස්ථාවේ දී උණුසුම් ප්‍රතිචාර ද හිමි විය.

Leave A Reply

Your email address will not be published.