පැවති පාර්ලිමේන්තුව යළි කැඳවුවහොත් අපි ජනතාවට රු.20,000ක් අනුමත කරනවා

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා වහාම පැවති පාර්ලිමේන්තුව කැඳවන්නැයි තමා ඉල්ලා සිටින බව සමගි කරන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ජනතාවට රු. 20000 ලබාදීම, කඩාවැටුණු ව්‍යාපාර ගොඩනැගීම ඇතුළු අත්‍යවශ්‍ය දේවල් සඳහා මුදල් සම්මත කර දීමට තම කණ්ඩායම සහයෝගය ලබාදෙන බවත් ඔහු පැවසීය.

දෝෂාභියෝග හෝ විශ්වාසභංග ගෙනඒමට තම කණ්ඩායම කිසිදු සූදානමක් නැති බවත්, ආණ්ඩුව ඒ ගැන බිය විය යුතු නැති බවත් ඔහු සඳහන් කරයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ අදහස් පළ කළේය.

– Lanka C News

Leave A Reply

Your email address will not be published.