ඇඳිරි නීතිය කඩ කළ පේරු රටේ නගරාධිපතිවරයෙක් බොරුවට මියයයි

මියගොස් සිටිය බවට පොලීසිය හමුවේ අභිරූපණය කළ පේරු රාජ්‍යයේ නගරාධිපතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා තිබූ ඇඳිරි නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් හේතුවෙන්.

වසංගතය පාලනය කිරීම සඳහා පේරු රාජ්‍ය විසින් පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරමින් මෙම නගරාධිපතිවරයා සිය මිතුරන් සමග මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී සමාජ දුරස්ථභාවය ද කඩ කරමින් ක්‍රියා කොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තාවීමත් සමග පොලීසිය ඔහුව සොයා පැමිණීමේ දී නගරාධිපතිවරයා මියගිය තැනැත්තෙකු මෙන් මිනී පෙට්ටියක් තුළ නිදාගෙන සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

Jamie Rolando Urbina නම් වූ මෙම නගරාධිපතිවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අවස්ථාවේ දී ය.

සිය පාලනය යටතේ පවතින Tantara නගරයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට මෙම නගරාධිපතිවරයා නිසි ක්‍රියා මාර්ග ගෙන නොමැති බවට මීට පෙර ඔහුට චෝදනා එල්ලව තිබුණා.

වෛරසයේ පාලනය සඳහා මේ වන විට පේරු රාජ්‍යය විසින් දින 66ක කාලයක් පුරාවට සංචරණ සිමා පනවා තිබීම විශේෂත්වයක් වනවා.

Leave A Reply

Your email address will not be published.