මාලිගාවත්තේ මිනිස්සු මැරුණේ මාස දෙකක් ඇඳිරිනීතිය නිසා ඇතිවූ පිඩනයට තෙරපීමෙන් – මුජිබර් රහුමාන්

මාලිගාවත්ත ප්‍රදේශයේ තිදෙනකු මිය ගියේ ඇඳිරි නීතිය සහ නිරෝධායන නීතිය මාස දෙකක පමණ කාලයක් පැවතීමෙන් ඇති වූ පීඩනය නිසා තෙරපී බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී ජන බලවේගයේ අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

මාලිගාවත්තේ අදාළ සිදුවීම වූ ස්ථානයට පැමිණි අවස්ථාවේ ඔහු ඒ බව කියා සිටියේය.

මෙම ස්ථානයේ ආධාර මුදල් බෙදාදීම පුද්ගලයා විසින් එය වාර්ෂිකව සිදුකරගෙන යන්නත් බව ද ඔහු සඳහන් කළේය.

ඇඳිරි නීතිය හා නිරෝධායනය නීතිය පවතිද්දී ඒ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකර මෙය සංවිධානය කිරීමේ යම් ගැටලුවක් ඇති බව ද ඔහු එහිදී පැවසීය.

එම ස්ථානයේ ආධාර මුදල් බෙදාදීමේ දී ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

Leave A Reply

Your email address will not be published.