ඩෙංගු කොරෝනාවට වඩා බරපතළ වෙන්න පුළුවන්

මේ දිනවල පවත්නා මෝසම් වැසි තත්ත්වය නිසා ඩෙංගු උවදුර හිස එසවිය හැකි හෙයින් එය පාලනය නොකළොත් කොරෝනාවට වඩා බරපතළ තත්ත්වයක් මතුවිය හැකි බව ජාතික වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

එහෙයින් අඛණ්ඩව කොරෝනා පාලනයට ලබාදුන් උපදෙස් එලෙස ම ක්‍රියාත්මක කළ යුතු වන අතර ඩෙංගු මදුරුවන් බෝ විය හැකි සියලු ම ස්ථාන පාහේ විනාශ කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඩෙංගු වෛරසය ද කොරෝනා වෛරසය මෙන් පසුගිය කාලය පුරා විවිධ ප්‍රභේදයන්ගෙන් මතුව ඇති හෙයින් රෝග ව්‍යාප්තිය වර්ධනය වුවහොත් එය බරපතළ තත්ත්වයක් වන අතර නැවත කොරෝනා රැල්ලක් ද මතු විය හැකි බව හෙතෙම අවධාරණය කරයි.

Leave A Reply

Your email address will not be published.