ව්‍යාපාර යළි නගාසිටුවීම සඳහා දිය යුතු සහයෝගය ලබාදෙනවා – විමල්

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාපති අවදානම හමුවේ වසා දමා තිබුණු ව්‍යාපාර යළි නගාසිටුවීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව ඉලක්ක කරමින් නව ණය යෝජනා ක්‍රම ඉදිරිපත් කිරීමට බලපොරොත්තුවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ දී පසුගියදා (19) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය විමල් වීරවංශ මහතා, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය , මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව ඊයේ පැවැත්වුණේ කොළඹදීයි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්ති අවදානම හමුවේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සමස්ත සමාජය මුහුණපා ඇති ගැටලු, ඒවාට පිළියම් සහ එහිදී පිළිපැදිය යුතු සෞඛ්‍ය කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන්වූ අතර එය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශනය කිරීමට ද පියවර ගෙන තිබුණි.

Leave A Reply

Your email address will not be published.