කොරෝනා බෙහෙත් බොන අමෙරිකන් ජනපති (VIDEO)

කොරෝනා වෛරසයට ගොදුරු වුවන් සඳහා ලබාදෙන hydroxychloroquine ඖෂධය ඉකුත් සති දෙකක කාලය සිට තමන් ද භාවිත කිරිමට ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා.

73 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මැලේරියා රෝගයට එරෙහි නිපදවූ මෙම hydroxychloroquine ඖෂධය අමෙරිකාව විසින් කොරෝනා ආසාදිත රෝගින්ට ද ලබාදීමට පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම ඖෂධය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් භාවිත කිරීමට ආරම්භ කළේ කුමන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් මේ දක්වා අනාවරණයවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

blob:https://www.facebook.com/eb23a335-87f2-429d-8bbf-35ee3734da38

Leave A Reply

Your email address will not be published.