මහින්ද සමරසිංහ දැන් කියන්නේ විකාර කතා.. ඔහුගේ පරාජය ස්ථිරයි.. – දයාසිරි

මහින්ද සමරසිංහ මහතා මොන මොන විකාර කතා කිව්වත් ඔහුව ශ්‍රීලනිපයෙන් ඉවත් කළේ පදනමක් ඇතිව බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

තමා දැන් පොදුජන පෙරමුණේ බව සමරසිංහ මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළත් ඔහු කළුතර දිස්ත්‍රික්කය පුරා ප්‍රකාශ කරන්නේ ඊට හාත්පසින් ම වෙනස් දෙයක් බව ශ්‍රීලනිප මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

තමා කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප නායකයා ලෙස ප්‍රකාශ කරමින් මහින්ද සමරසිංහ මහතා ශ්‍රීලනිපයේ කළුතර දිස්ත්‍රික්  ඡන්ද ඩැහැගැනීමේ අසීලාචාර මැතිවරණ ව්‍යාපාරයක නියැලීම මෙම තීන්දුවට හේතු වූ බව පෙන්වා දෙන ජයසේකර මහතා සමරසිංහ මහතාව ශ්‍රීලනිපයෙන් පමණක් නොව දිස්ත්‍රික් නායකත්වයෙන් ද පැන්වූ බව සඳහන් කරයි.

සමරසිංහ මහතාගේ මෙම අසීලාචාර වැඩපිළිවෙලින් දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප පාක්ෂිකයන් දැඩි ව්‍යාකූලත්වයකට පත්ව තිබෙන බව ද එය නිවැරදි කිරීමක් මෙම තීරණයේ තවත් අරමුණක් බව ජයසේකර මහතා පෙන්වා දෙයි.

එළඹෙන මැතිවරණයේ දී ප්‍රගතිශීලි කළුතර දිස්ත්‍රික් ජනතාව සමරසිංහ මහතාව ගෙදර යැවීමට කටයුතු කිරීම ස්ථිර බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

මූලාශ්‍රය – ඒෂියන් මිරර්

Leave A Reply

Your email address will not be published.