ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන් ගණන මිලියන 5 ඉක්මවයි

ලොව පුරා කොවිඩ්-19 වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,015,676ක් වන බවයි වාර්තා වෙයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ වුහාන් නුවරින් ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් රටවල් රැසකට දැඩි බලපෑම් එල්ල වූ අතර ලොව පුරා පළමු ආසාදිතයන් මිලියනය වාර්තාවීමට පසුගිය දෙසැම්බර් මාසයේ සිට අප්‍රේල් මස 01 වැනිදා දක්වා මාස 03කට අධික කාලයක් ගතවී තිබුණි.

දෙවන ආසාදිතයින් මිලියනය වාර්තාවීමට දින 12ක කාලයක්, තෙවන මිලියන සඳහා දින 12ක කාලයක් සිව්වන මිලියනය සඳහා දින 13ක කාලයක් ගතවී තිබූ අතර ආසාදිතයන් පස්වන මිලියනය වාර්තාවීමට ගතව තිබුණේ දින 10ක කාලයක් පමණයි.

වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයට එම වෛරසයෙන් සිදුවූ බලපෑමට වඩා වැඩි බලපෑමක් මේ වන විට රටවල් රැසකට සිදුව ඇති අතර වැඩිම බලපෑම එල්ලවී ඇති අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව පහළොස් ලක්ෂ 71,000 ඉක්මවයි.

Leave A Reply

Your email address will not be published.