අවසාන කොරෝනා රෝගියා සුවවී සති දෙකක් යන තුරු මැතිවරණය එපා – අජිත් මාන්නප්පෙරුම

අවසාන කොරෝනා රෝගියා ද සුවපත්වී සති දෙකක් ගිය පසු මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම රටේ ජනතාවගේ මතයවී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට රටේ ම ජනතාව දැඩිව විරුද්ධ බවත්, තමන් පෙනී සිටින්නේ ද රටේ පොදු මතය වෙනුවෙන් බවත් ඔහු පැවසීය.

එනිසා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුත්තේ අවසන් කොරෝනා රෝගියා ද සුවපත්වී කිසිදු කොරෝනා රෝගියෙක් නැති තත්ත්වයක් යටතේ යයි ද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Leave A Reply

Your email address will not be published.