ඊශ්‍රායල අගමැති ඒකාබද්ධ රජයක් පිහිටුවීමට පියවර ගනී

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඒකාබද්ධ රජයක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

අවුරුද්දකටත් අධික කාලයක් පුරා පැවති දේශපාලන අස්ථාවර භාවය අවසන් කරමිනුයි මෙලෙස ඊශ්‍රායලය නව රජයක් බිහිකිරීමට පියවර ගත්තේ. විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් සමගින් බලය බෙදාහැරීමේ ගිවිසුමකට මෙහිදී අත්සන් තැබුණා. 1996 වසරේ දී ප්‍රථමවරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නෙතන්යාහු වැඩිම කාලයක් ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ධුරය දරන පුද්ගලයා ද වනවා. එහෙත් එළඹෙන සතියේ දී ඔහුට විරුද්ධව එල්ලවී ඇති දූෂණ චෝදනා විභාග කිරීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.