ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමේ අවදානමක්.. මේ වසරේ ඩෙංගු මරණ 20ක්..

කොවිඩ් – 19 වෛරසයේ ව්‍යාප්තියට අමතරව මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

මේ මාසයේ ගත වූ දින 17 තුළ දී ඩෙංගු රෝගීන් 200ත් 300ත් අතර සංඛ්‍යාවක් වාර්තා වූ බවත් අප්‍රේල් මාසයේ දී රෝගීන් 400ක් පමණ වාර්තා වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු හේතුවෙන් සිදු වූ මරණ 20ක් පමණ වාර්තාවී ඇති බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය වසරේ සමස්ත ලෙස ඩෙංගු රෝගීන් 19000ක් ද, මරණ 150ක් පමණ ද වාර්තාවී තිබේ.

Leave A Reply

Your email address will not be published.