ශ්‍රී ලංකාව කොවිඩ් 19 රෝගීන් 1000 ඉක්මවයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1020ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. අද (19) දිනයේ දී ආසාදිත රෝගීන් 28දෙනෙක් වාර්තා වී ඇත.

අද දින සවස වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 28දෙනා ඔලුවිල් පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටි නාවික හමුදා සාමාජිකයන් බවයි වාර්තා වන්නේ.

මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 569ක් වන අතර දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 442ක් වනවා.

Leave A Reply

Your email address will not be published.