වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම් තැබීමට ගිය විග්නේෂ්වරන්, සිවාජිලිංගම් ආරක්ෂක අංශ මගින් හරවා යැවේ

යුද්ධයෙන් දිවි අහිමි වූ පිරිස් සිහිකිරීම සඳහා වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුමට සහභාගීවිමට ඊයේ (18) පැමිණි උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. කේ. සිවාජිලිංගම් යළි යාපනය වෙත හරවා යැවීමට ආරක්ෂක අංශ අද පියවර ගත්තා.

ඒ, ඔවුන් යාපනය පූනකරි මාර්ගය හරහා මුලතිව් දක්වා ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී යි. එහිදී ආරක්ෂක අංශ ඔවුන් වෙත පවසා ඇත්තේ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙත ගමන් කිරීමට අවසර ලබාදිය නොහැකි බවයි.

– Neth News

Leave A Reply

Your email address will not be published.