රජය MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ – එස්. එම්.

MCC ගිවිසුම කිසි ලෙසකින් හෝ අත්සන් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

රජය එම ගිවිසුම අත්සන් කිරීමේ උත්සහයක නිරත වන බවට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, MCC ගිවිසුම අත්සන් කරන්න හදනවා යනුවෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාරයන් සිදු කරනු ලබන බවයි.

මැතිවරණය හේතුවෙන් එවැනි ප්‍රචාර සිදු කරත් කිසි විටෙකත් එවැන්නක් සිදු නොකරන බව ද ඒ මහතා පැවසීය.

මේ අතර ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ද ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අජිත් පී. පෙරේරා මහතා පවසා සිටියේ, මුල් කෙටුම්පතේ පළමුවෙන් තිබූ හරයාත්මක කරුණු ඒ ආකාරයෙන් ම තිබිය දී ගිවිසුම අත්සන් තැබීමට යන බවයි.

අත්සන් කිරීම නොව දේශපාලන අවංකභාවයක් නොමැති බව සියලුදෙනාට ම තේරුම් ගත හැකි දෙයක් බව ද ඒ මහතා පැවසීය.

පී. හැරිසන් මහතා කියා සිටියේ, පැහැදිලි ලෙස ම අධිකරණයෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ නියෝගයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

ජයන්ත සමරවීර මහතා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ඉරණම සජිත් හා රනිල් කල්ලි දෙකේ කොටා අවසන් බවයි.

බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසා සිටියේ, මෙවැනි තත්ත්වයක් තුළ මැතිවරණයකට යෑම බරපතළ තත්ත්වයක් බැවින් අධිකරණයට ගිය බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ, කථානායකවරයා සමග කිසිදු ලිඛිත ගනුදෙනුවක් ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවයි.

Leave A Reply

Your email address will not be published.