කොවිඩ් 19 ආසාදිතයන් ගණන 986ක් දක්වා ඉහළට

අද(18) සවස 6.30 වන විට තවත් කොරෝනා ආසාදිතයන් 5දෙනෙක් වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 986ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයට වාර්තා වූ පළමු ආසාදිතයන් සංඛ්‍යාව මෙය වෙයි.

මේ අතර අද දිනය තුළ කොවිඩ්-19 වෙරසය ආසාදනයවී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 21දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 559 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වන විට ආසාදිතයින් 418දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොරෝනා ආසාදනයවී පුද්ගලයන් 9දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Leave A Reply

Your email address will not be published.