ශ්‍රී ලංකාවේ තේ මිල වාර්තාගත ලෙස ඉහළට

ශ්‍රී ලංකාවේ තේ මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

තේ අපනයනකරුවන් සඳහන් කරන්නේ, කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියත් සමග බලපෑ හේතු කිහිපයක් මුල් කරගෙන මෙලෙස තේ මිල ඉහළ ගොස් ඇති බවයි.

වාර්ෂිකව මෙරට තේ කිලෝ ග්‍රෑම් මිලියන 320ත් 340ත් අතර ප්‍රමාණයක් අපනයනය කරන අතර, ඉන් අමෙරිකානු ඩොලර් බිලියන 1 දශම 5 වාර්ෂික ආදායමක් මෙරටට හිමි වේ.

කෙසේ නමුත් පසුගිය කාලයේ දී මෙරට අමු තේ දලු කිලෝ ග්‍රෑමයක මිල ගණන් සීග්‍රෙයන් පහත වැටුණු අතර අද වන විට මිල ගණන වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

කොළඹ තේ වෙන්දේසියේ දී අමු තේ කොළ කිලෝ ග්‍රෑමයක් සඳහා මෙතෙක් ලැබුණු රුපියල් 85ත් 100ත් අතර මුදල පසුගිය අප්‍රේල් මාසයේ දී රුපියල් 130 දක්වා ඉහළ ගොස් ගියේය.

එමෙන්ම නිමි තේ  කිලෝ ග්‍රෑමයක් සඳහා ලැබුණු රුපියල් 350ත් 500ත් අතර මිල ද රුපියල් 750 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම රත්නපුර දෙල්වල නව විතානකන්ද තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන බී.ඕ.පී. 1 කාණ්ඩයේ නිමි තේ කිලෝ ග්‍රෑමයක් රුපියල් 2600කට මිල නියමවී තිබුණි.

එය පහතරට තේ සඳහා ලැබුණු ඉහළම මිල බවයි එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සඳහන් කළේය.

තේ වෙන්දේසියේ දී තේ අපනයනකරුවන් උපයන මුදලින් 68%ක් හිමිවන්නේ කුඩා තේ වතු හිමියන්ටවීම නිසා ඔවුන්ගේ අතමිට සරුවී තිබේ.

Leave A Reply

Your email address will not be published.