රට යළි විවෘත කිරීම වැරදියි.. ජනතාව අමාරුවේ වැටිලා.. – JVP

රජය විසින් රට යළි විවෘත කර ඇත්තේ සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් නොතකමින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ රජයේ උවමනාවක් වන්නේ හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා බලය ලබාගැනීම බවයි.

ජනතාවට ආරක්ෂාව ලබාදීම සම්බන්ධ වගකීමෙන් රජය ඉවත් වී ඇතැයි ද ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය මෙරට තුළ යම්තාක් දුරට පාලනය කරගත හැකි වූයේ සෞඛ්‍ය කළ කැපවීම නිසා යැයි ද ඔහු සඳහන් කළේය.

රජය සෞඛ්‍ය අංශ උපදෙස් මත කටයුතු නොකරන බැවින් සෞඛ්‍ය අංශ ද අපහසුතාවට පත්ව ඇතැයි ද ඔහු චෝදනා කළේය.

Leave A Reply

Your email address will not be published.