මේ ආණ්ඩුව කොරෝනා මර්දනය කරන්නේ අපි පත් කළ නිලධාරීන්ගෙන්.. අපේ සුවසැරියෙන්.. – හරීන්

විපක්ෂය කොරෝනා මර්දනයට කිසිදු සහයක් ලබා නොදෙන්නේ යැයි ආණ්ඩුව විසින් එල්ල කරන චෝදනාව පිළිගත නොහැකි බව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ රූපවාහිනී දේශපාලන වැඩසටහන සමග එක්වෙමිනි.

අද ආණ්ඩුව කොරෝනා මර්දනය සිදු කරන්නේ පැවති තම රජය විසින් පත්කරන ලද නිලධාරීන් හරහා බව ද ඔහු කියා සිටියේය.

එමෙන්ම අද කොරෝනා මර්දනය සදහා විශාල ලෙස ප‍්‍රයෝජන වන ‘සුවසැරිය’ ගිලන් රථ සේවය තම රජයේ ව්‍යාපෘතියක් යයි ද ඔහු පැවසීය.

එමෙන්ම වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද තම පාලනය විසින් පත්කරන ලද නිලධාරීන් යයි ද ඔහු කීය.

Leave A Reply

Your email address will not be published.