මෙරට සමස්ත Covid 19 ආසාදිතයන් ගණන 935ක් දක්වා ඉහළට

ඊයේ (15) රාත්‍රී 11.30 වන විට කොරෝනා ආසාදිතයන් 10දෙනෙක් වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 935ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර අද දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙරසය ආසාදනයවී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 32දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අයි.ඩී.එච්. මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් 477දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 935දෙනෙකු හඳුනාගෙන ඇති අතර  ඉන් ආසාදිතයින් 449දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ දක්වා කාලය තුළ වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන්ගෙන් සියයට 50කට අධික පිරිසක් සුවය ලබා තිබේ.

Leave A Reply

Your email address will not be published.