කොරෝනා තුරන් කිරීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව නිවැරදි මාවතක – WHO කියයි

කොවිඩ් නයින්ටීන් වසංගතය පාලනය සහ තුරන් කිරීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව නිවැරදි මාවතට පිවිස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

රෝගීන් හඳුනාගැනීම, පරීක්ෂණ කිරීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර ක්‍රමවේද සාර්ථකව සිදු වන අතර එම ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ වන සෞඛ්‍ය හා අනෙකුත් සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ තවදුරටත් ප්‍රමුඛතාව ලබා දිය යුතු වෙයි.

මේ අතර අමෙරිකානු ඩොලර් ලක්ෂ අටක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට ප්‍රදානය කිරීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත.

PCR යන්ත්‍ර, රෝහල් උපකරණ සහ වසංගතවේදීන් සිදුකරන ආවේක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ උපකරණ ද ඊට ඇතුළත්.

Leave A Reply

Your email address will not be published.