IDH රෝහලේ අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් ස්ථාපිත කිරීමට පුද්ගලික අංශය සහය වේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ විසින් 2020 අප්‍රේල් 28 දින බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (IDH) නව අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් විවෘත කරන ලදී.

මෙල්ස්ටකෝප් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී, ඩට්ච් බෑන්ක් සහ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් යන පුද්ගලික අංශ මෙන්ම ලංකා ධීවර සංස්ථාවේ ශුභසාධක සංගමය සහ විවෘත කිරීම නියෝජනය කළ ෂම්මි සිල්වා මහත්මිය යන අයගේ පරිත්‍යාගවලින් ලද අරමුදල් සහ ප්‍රතිඥා හේතු කොට ගෙන  නව රසායනාගාරය යථාර්ථයක් බවට පත්කරන ලදී.

කොවිඩ් – 19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ පරීක්ෂණ හැකියාව වැඩි කිරීමේ හදිසි අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙම රසායනාගාරය ස්ථාපිත කරන ලදී. තාවකාලික රසායනාගාර පහසුකමක් අයි.ඩී.එච්.හි මූලිකව ස්ථාපිත කරන ලද අතර වඩාත් ස්ථීර පහසුකම දක්වා 2020 මාර්තු 29 දින සිට මෙහෙයුම් ආරම්භ කරන ලදී. මෙම පහසුකම අනාගතයේ දී තවදුරටත් යාවත්කාලීන කිරීමට අපේක්ෂා කෙරේ.

අයි.ඩී.එච්.හි අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරය ස්ථාපිත කිරීම මගින් පරීක්ෂණ හැකියාව සඳහා පහසුකම් සලසා ඇති අතර පරීක්ෂණ කාලවේලාව ද අඩුකර ඇත. එමෙන්ම අයි.ඩී.එච්. තුළ ම පරීක්ෂණ කරගෙන යාමට හැකිවන බැවින් අයි.ඩී.එච්.හි ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ශායනික කළමනාකරණය වර්ධනය කර ඇත. මෙම රසායනාගාරය නෙගටිව් ලෙස පරීක්ෂා කරන ලද පුද්ගලයන් කඩිනමින් මුදාහැරීමට හැකියාව ඇති කරමින් ජෛව අපද්‍රව්‍ය බැහැරකිරීම සහ ප්‍රවාහනය තුළ ඇතිවිය හැකි ජෛව-උවදුරු වැළැක්වීමට ද සහය වනු ඇත.

Leave A Reply

Your email address will not be published.