එක්රොක්වී ආහාර ගැනීම අවදානම් – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් අඩපණ වූ රට යළි යථා තත්ත්වයට පත් කෙරුණු ද, ජනතාව හැකි උපරිම අන්දමින් වෛරසය යළි පැතිර යාම වළක්වාලමින් කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අවධාරණය කරයි.

නැතහොත් නැවතත් රට තුළ කොරෝනා වෛරසය පැතිර යා හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල සේවා කටයුතු ද ඊයේ (11) සිට යළි යථා තත්ත්වයට පත්කෙරිණි.

කෙසේ වෙතත්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ක්‍රියාකාරීත්වය යම් පමණකින් ආරම්භ කිරීමත් සමඟ එහි සේවකයින් එක්රොක්වී ආහාර ගැනීම අවදානම් සහගත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසී ය.

Leave A Reply

Your email address will not be published.