තවත් කොවිඩ් 19 රෝගීන් 06ක් වාර්තා වෙයි

කොරෝනා ආසාදිත රෝගීන් 06දෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලෙන් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 869ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එලෙස වාර්තා වූ කොරෝනා ආසාදිතයන් නාවික හමුදා සෙබළුන් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 343දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517ක් වනවා.

Leave A Reply

Your email address will not be published.