පවතින තත්ත්වයෙන් රට මුදාගන්න නායකත්වය දෙන්න එජාපය සූදානම් – අකිල

කොවිඩ් නයින්ටීන් වසංගතය පාලනය සඳහා ආණ්ඩුවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අනෙකුත් පක්ෂ මෙන් රට ආපදාවකට පත්ව ඇති අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය බොර දියේ මාළු බෑමට උත්සාහ කරන්නේ නැති බවයි.

රට තුළ උද්ගතව ඇති තත්ත්වයෙන් රට මුදාගැනීමට අවශ්‍ය නායකත්වය ලබාදීමටත් එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඒ මහතා කියා සිටියි.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාඨලී චමිපික රණවක මහතා ප්‍රකාශ කරන්නේ මාස 2ක් රට වසා දැමීමෙන් පසුත් කොවිඩ් ආසාදිතයන් ගණන දස ගුණයකටත් වඩා ගණනකින් වැඩි කරගත් එකම රට ශ්‍රී ලංකාව බවයි.

එසේම රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ගෙවතු වගා සිදු කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.