පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන්, සාලාව කඳවුරේ පිපිරීමෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ගෙවීම මේ ආණ්ඩුව කළ යුතුය‍ි

සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීම සහ පාස්කු බෝම්බ ප්‍රහාරය තම ආණ්ඩුව කාලයේදී සිදුවීම ගැන කනගාටු වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ අපේක්ෂක අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ සඳහා ජනතාවට අදාළ වන්දි මුදල් පැවති රජය විසින් ලැබී නැතිනම් මේ රජය විසින් ඒවා සොයා බලා ගෙවිය යුතු බව ද ඔහු පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියෙන් ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමිනි.

ඇතැම් අමාත්‍යංශවල ලේකම්වරුන් ලෙස හමුදාවේ මේජර්වරුන් පත් කිරීම හමුදා පාලනයකට රට ගෙන යාමක් බව ද ඔහු පැවසීය.

මූලාශ්‍රය – ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.