මැතිවරණය ගැන තීරණය වන්නේ සෞඛ්‍ය අංශ මැතිවරණ කොමිසමට දෙන උපදෙස් මත – ෂෙහාන්

අද විපක්ෂය මැතිවරණවලට බියවී අධිකරණයට යන තත්ත්වයක් නිර්මාණයවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය මැතිවරණය පැවැත්වීමට විරුද්ධව අධිකරණයට ගොස් ඇත්තේ මැතිවරණය පැවැත්වීම යනු නීති විරෝධි ක්‍රියාවක් ලෙසින් ජනතාවට ඒත්තු ගැන්වීමට බවත් ඒ මහතා පවසයි.

ඔවුන්ට මැතිවරණයට මුහුණදීමට ඇති නොහැකියාව හේතුවෙන් මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවත් කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සියල්ල තීරණය වන්නේ රටේ සෞඛ්‍ය අංශ විසින් මැතිවරණ කොමිසමට ලබාදෙන තීන්දු උපදෙස් අනුව බවත් ඒ මහතා කියා සිටියි.

Leave A Reply

Your email address will not be published.