ලබන වසරට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය ගැන පැහැදිලි කෙරේ

ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක‍්‍රලේඛය මේ මස අවසන් සතියේ ප‍්‍රසිද්ධ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් එන්. එච්. එම්. චිත‍්‍රානන්ද මාධ්‍යයට පැවසුවේ එම චක‍්‍රලේඛය සැකසීම මේ දිනවල සිදු කෙරෙන බවයි.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ මීට පෙර චක‍්‍රලේඛයේ තිබූ ඇතැම් කරුණු සංශෝධනය කෙරෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. පදිංචිය සනාථ කිරීම සම්බන්ධයෙන් වන ඇතැම් කරුණු ද ඊට ඇතුළත්.

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරී අද සිට යළි ආරම්භ වන බව ද එහෙත් නිලධාරීන් අඩු සංඛ්‍යාවක් පමණක් රාජකාරීයට කැදවන බව ද එහි ලේකම්වරයා පැවසුවා. අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන මුළු කාර්ය මණ්ඩලය 1,000 වැඩියි. ඒ අතරින් 200කට ආසන්න පිරිසක් පමණක් දිනකට රාජකාරියට කැදවීමට සැලසුම්කර තිබෙනවා. එලෙස රාජකාරියට කැදවන නිලධාරීන් තෝරාගෙන ඇත්තේ සේවා අවශ්‍යතා සහ ආසන්න පදිංචිය වැනි කරුණු සලකා බලමින්. ඉකුත් දින කිහිපයේ දී අධ්‍යාපන අමාත්‍යංශය විෂබීජහරණයට ද ලක් කෙරුණා.

මූලාශ්‍රය – නෙත් නිවුස්

Leave A Reply

Your email address will not be published.