මහ පොළොවේ අධ්‍යාපන ක්‍රමය කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ යුතුයි – සජිත්

රටේ පවතින තත්ත්වය හමුවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසි අයුරින් ඉදිරියට ගෙන යෑමට රජයට නිසි වැඩපිළිවලක් නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

විෂය නිර්දේශයන් හරිහැටි ආවරණය නොකොට සිසුන් විභාගවලට යොමු කිරීම සාධාරණ නොමැති බවයි ඒ මහතා පවසන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“අද අපේ දරු පරපුර මානසික අතින් වැටිලා ඉන්නේ..

දෙමාපියනුත් දැඩි කළකිරීමට ලක් වෙලා සිටිනවා මොකක්ද අපේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය කියලා.

අපිට මාධ්‍ය සංදර්ශනවලින් වැඩක් නෑ.

මහ පොළොවේ අධ්‍යාපන ක්‍රමය නිර්ව්‍යාජව කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ යුතුයි.

එහි වගකීම අධ්‍යාපන ඇමතිවරයා ප්‍රමුඛ අධ්‍යාපන බලධාරීන් විසින් භාරගත යුතුයි.”

Leave A Reply

Your email address will not be published.