ආණ්ඩුව විසින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ජනතාවට සඟවන බව සමගි ජන බලවේග අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
ආණ්ඩුවට මුල සිට ම උවමනා වූයේ මැතිවරණය පැවැත්වීම නිසා වෛරස ව්‍යාප්තිය ගැන සත්‍ය තොරතුරු ජනතාවගෙන් සඟවමින් සිටින බව ද ඔහු පැවසීය.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බොහෝදෙනෙකු වෛරස ව්‍යාප්තිය ගැන කරන ප්‍රකාශ සහ සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකරන ප්‍රකාශවල පරස්පරතා ඇති බව ද ඔහු සඳහන් කළේය.
– ඒෂියන් මිරර්