මහ මැතිවරණය තවදුරටත් කල් යන ලකුණු

මහ මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.

මේ වනවිට තීරණය කර ඇත්තේ එළඹෙන ජුනි මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමටයි. එහෙත් පවතින වාතාවරණය මත එදිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි ආරංචි මාර්ග පැවසුවේ.

ඒ අනුව ජූලි මාසයේ අග භාගයේ හෝ අගෝස්තු මස මුල් සතියේ මහ මැතිවරණය පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

මෙම වාර්තා පළ වන්නේ ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ද ඉදිරිපත් වෙමින් ඇති පසුබිමකයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අපේ‍්‍රල් මස 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මීට පෙර නියම කර තිබුණා. එහෙත් පවතින කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මැතිවරණය ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම ඉකුත්දා තීරණය කළා.

Leave A Reply

Your email address will not be published.