මාසයක නොව දිනක වැටුප ඉල්ලුවා නම් සාධාරණයි – දයාසිරි

රාජ්‍ය සේවකයන්ගෙන් මසක වැටුප නොව දිනක වැටුප ඉල්ලා සිටියේ නම් එය වඩාත් සාධාරණ සහ ප්‍රායෝගික බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා  සඳහන් කරයි.

රටේ පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන්ට සිය මසක වැටුප ලබාදීම ඔවුන් මුහුණදෙන දුෂ්කරතා මැද අසීරු කටයුත්තක් බව ද ජයසේකර මහතා පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් මිට පෙර ද ජාතික ව්‍යවසනයක දී සහ උවදුරක දී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල දෛනික වැටුප පරිත්‍යාග කිරීම කාලයක පටන් සිදු වූවකි.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන්ගෙන් කර තිබෙන මෙම ඉල්ලීම සමාජයේ දැඩි කතාබහට ලක්වී තිබේ. යම් ජාතික ව්‍යවසනයක දී රාජ්‍ය සේවකයන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය වේ.

Leave A Reply

Your email address will not be published.