කොවිඩ් 19 ආසාදිතයන් ගණන 856 දක්වා ඉහළට

මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 856ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 321දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයන් 526දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද රාත්‍රී 8.00ට නිකුත් කළ වාර්තාවලට අනුව අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 09ක් හඳුනාගෙන ඇති බවයි.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 9දෙනෙක් මිය ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.