වැටුප් කප්පාදුව ඉල්ලා අස් කර ගන්න.. නැතිනම් ප්‍රශ්නය දිග්ගැස්සෙයි.. – ලාල්කාන්ත

රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප ආණ්ඩුවට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා කර ඇති ඉල්ලීම වහාම හකුළාගන්නා ලෙස ජවිපෙ මධ්‍යම කාරක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

එසේ නොකොට කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට රාජ්‍ය සේවකයන් යොමු නොකරන ලෙසට ද ඔහු අනතුරු අඟවයි.

රාජ්‍ය සේවකයන්ගෙන් මෙම වැටුප් කප්පාදුව කළහොත් අනිවාර්යයෙන් ම වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

රාජ්‍ය සේවයේ ලක්ෂ 15කට ආසන්න පිරිසක් සේවය කරයි.

Leave A Reply

Your email address will not be published.