විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට විරුද්ධව නඩු දමයි

මේ දිනවල ලෝකය පුරා පැතිරී යන කෝවිඩ් 19 වෛරසයට රහස් බෙහෙතක් ඇති බවට ප්‍රකාශ කළා යැයි සඳහන් කරමින් පළ වන වාර්තා අසත්‍ය බව  විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පවසයි.

සිය මුහුණු පොතේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ එවැනි ප්‍රකාශයක් රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ නොකළ බවයි.

ඇය සඳහන් කරන්නේ එම ප්‍රකාශය ව්‍යාජ ලෙස උපුටා දක්වමින්, වැරදි අර්ථකථන ලබාදෙමින් රහස් බෙහෙතක් ප්‍රකාශ කළ බවට බොහෝ සමාජ මාධ්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ප්‍රකාශ කළ බව ඇය සඳහන් කරයි.

එම මන්ත්‍රීවරියට එරෙහිව මේ වන විට වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය නඩුවක් ගොනු කර තිබේ.

ඇය සිය ෆේස්බුක් ගිණුමේ මේ පිළිබඳව ප්‍රකාශ කරමින් එක්කර තිබූ වීඩියෝව පහතින්,

blob:https://www.facebook.com/5d118a75-c958-4642-86ee-0b68e01b5baf

Leave A Reply

Your email address will not be published.