ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 ඉක්මවයි

ලොවපුරා වාර්තා වන කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 40 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

නවතම වාර්තාවන්ට අනුව ලෝකයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන හතළිස් ලක්‍ෂ 9,472ක්. ඒ, ගත වූ පැය 24 තුළ අලුතින් රෝගීන් 95,828දෙනෙකු වාර්තාවීමත් සමගයි.

නවතම වාර්තාවන්ට අනුව ලෝකයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන දෙලක්‍ෂ 75,914ක්. ඒ, ගත වූ පැය 24 තුළ අලුතින් මරණ 5,488දෙනෙකු වාර්තාවීමත් සමගයි.

තවදුරටත් වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 13 ලක්‍ෂ 20,683ක්. ඒ, ගත වූ පැය 24 අලුතින් රෝගීන් 28,060දෙනෙකු වාර්තාවීමත් සමගයි.

අලුතින් මරණ 1,629ක් වාර්තාවීමත් සමග අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 78,557ක්. ගත වූ පැය 24 තුළ රුසියාවෙන් සහ බ‍්‍රසීලයෙන් රෝගීන් දස දහසකට වඩා වැඩියෙන් වාර්තාවී තිබෙනවා.

දිනක් තුළ රුසියාවෙන් රෝගීන් දස දහසකට වඩා වැඩියෙන් අඛණ්ඩව වාර්තා වූ 7 වන දිනය ද අදයි.

යුරෝපා කලාපයේ වැඩිම මරණ සිදුවූ රට බවට ඉතාලිය පත්ව තිබෙනවා. ඒ, එරට සිදුවූ මරණ සංඛ්‍යාව 30,000 සීමාව පසුකර යාමත් සමගයි. යුරෝපයේ කිසියම් හෝ රටකින් කොරෝනා මරණ 30,000ක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වනවා. ගත වූ පැය 24 තුළ ද ඉතාලියෙන් පුද්ගල මරණ 243ක් වාර්තාවී තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.