නැව් නැගි දහස් ගණනක් කොරෝනා නිසා මුහුදේ සිරවේ

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නෞකාවල සේවය කරන දස දහස් ගණනක පිරිසක් නෞකා තුළට ම සිරවී මුහුදේ කාලය ගත කිරීමට සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය අනාවරණ කළේ බොහෝ නෞකාවල සිටි මගීන් සිය නිවෙස්වලට ගොස් ඇතත් නෞකා කාර්ය මණ්ඩලයට එම අවස්ථාව අහිමිවී ඇති බවයි.
අමෙරිකානු, බහමාස් සහ කැරබියන් දූපත් ආශි‍්‍රත මුහුදු තීරයේ නෞකා 74ක් ඇති අතර ඒවායෙහි සිරවී සිටින සංඛ්‍යාව 57,000ක්.
පවතින තත්ත්වය හමුවේ පහසුකම් සහ සේවා ලබාගැනීමට පවා නෞකාවලට සිය වරායන්ට ඇතුළුවීමට බොහෝ රටවල් ඉඩ නොදුන් අවස්ථා ද වාර්තා වනවා. එලෙස ඉඩ ලැබෙන වරායන්වල දී පවා නෞකාවල කාර්ය මණ්ඩලයට නෞකාවෙන් පිටතට පැමිණීමේ අවස්ථාව ඉතා අවම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave A Reply

Your email address will not be published.