මඩ අවලාදවලට මගේ ගමන නවත්වන්න බැහැ – කාවින්ද ජයවර්ධන

ගල් මුල් අවලාද මඩ ප්‍රචාර මධ්‍යයේ වුව ද තමන් තවදුරටත් නොසැලී රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පිරිසිදු දේශපාලනයේ නියැලෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අවධාරණය කරයි.

සාධාරණ යුක්ති සහගත දේශපාලනයක් ගොඩගැනීමේ සටන අතනොහරින බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

“මම දේශපාලඥයෙක් හැටියට හොරකම් කරලා නැහැ. මංකොල්ල කාලා නැහැ. දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ වෙලා නැහැ. වැදගත්ම කරණය තමයි මේ රටේ ජනතාව මට ලබාදුන්න බලය මම අවභාවිත කරලා නැහැ. මට තිබෙනවා රටේ අනාගතය ගැන සිහිනයක්. ඒ තමයි ශුද්ධ වූ පවිත්‍ර වූ ශිෂ්ඨසම්පන්න දේශපාලන ප්‍රවාහයක් මේ රට තුළ ගොඩනැගීම.”

එකී සටන කරගෙන යනවිට තමන්ට එරෙහිව මඩ ප්‍රචාර හා අසත්‍ය ප්‍රකාශ සමාජගත කිරීමේ උත්සහයක් පෙනෙන්නට ඇති බව ඔහු පැවසීය.

කෙසේවෙතත් එවැනි ක්‍රියාකලාපවලින් තමන්ගේ ගමන නැවත හැරවිය නොහැකි බව ද කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave A Reply

Your email address will not be published.