කොරෝනා වෛරසය ආසාදනයට ලක්වූ පුද්ගලයන්ගේ ශුක්‍රාණු තරල තුළ එම වෛරය පවතින බව විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කර ගෙන තිබෙනවා.
මෙම සොයාගැනීමත් සමග කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණයවීමේ හැකියාවක් පවතින බවට මත පළවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයන් මේ වන විට පර්යේෂණ අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
චීනයේ කොරෝනා වෛරසය උග්‍රව ව්‍යාප්තවෙමින් පැවති ජනවාරි සහ පෙබරවාරි කාල සීමාව තුළ දී තෝරාගනු ලැබූ පිරිමි පුද්ගලයින් 38දෙනෙකු ආශ්රයෙන් සිදුකළ පර්යේෂණයක දී මෙම කරුණු හෙළි කර ගැනීමට එරට Shangqui රෝහලේ වෛද්‍ය පර්යේෂකයන් විසින් සමත්ව තිබෙනවා.
මෙම පිරිසෙන් 16%කගේ ශුක්‍රාණු තරලයන්හි කොරෝනා වෛරසය ඇති බවට සොයාගෙන ඇති බවයි එම පර්යේෂකයන් සඳහන් කරන්නේ. වෛරසය සම්ප්රේෂණයවී ඉන් සුවය ලැබූ පුද්ගලයන්ගේ ශුක්‍රාණු තරල මත ද එය පවතින බවයි මෙහි දී අනාවරණයවී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුකෙරෙන තෙක් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබමින් සිටින පුද්ගලයන් ලිංගිකව හැසිරීමෙන් වැළකී සිටීම ඥාණාන්විත ක්‍රියාවක් වනු ඇති බවයි පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ.