5000/= දීමනාව ලබාදීම 99.9%ක් සාර්ථකයි – විමල්

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් පන්දාහේ දීමනාව ලබාදීමේ වැඩපිළිවෙල 99.9% සාර්ථකවී ඇති බව භාරකාර රජයේ අමාත්‍ය ධුරයක් දරන විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ජීවත් වන පවුල් සංඛ්‍යාව ලක්ෂ 50ක් සේ පිළිගැනෙන අතර රජය මේ වන විට පවුල් ලක්ෂ 70කට වැඩි ප්‍රමාණයකට එම දීමනාව ලබා දී ඇති බව සඳහන් කරයි. විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශයට අනුව පවුල් ලක්ෂ 69කට වැඩි ප්‍රමාණයකට එම සහනය ලැබී තිබේ.

එහෙත් මේ වන විට පළමු වටයේ රුපියල් 5000 දීමනාවත් තමන්ට නොලැබෙන බවට බොහෝ පිරිසක් චෝදනා නගන අයුරු මාධ්‍ය මගින් දැකගන්නට ලැබිණි. මේ වන වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹ සිටින ඇතැම් ග්‍රාමනිලධාරී සංගම් ද මෙම 5000 දීමනාව ලබාදීම ප්‍රශ්නයක් වී ඇති බව සදහන් කරයි.

විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

Leave A Reply

Your email address will not be published.