ඩුබායිහි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197ක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197දෙනෙකු අද (07) උදෑසන  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබේ.

උදෑසන  6.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන මෙම විශේෂ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලුදෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමකට ලක් කර ඇත.

ගුවන්තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ස්වයංක්‍රීය උෂ්ණත්වමාපක යොදාගනිමින් මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය ද මැන බැලීම ද සිදු කෙරිණි.

ඊට අමතරව මෙම ගුවන් මගීන් තුළ කොරෝනා රෝග ලක්ෂණ තිබේදැයි පෞද්ගලිකව විමසා බැලීමක් ද එම නිලධාරීන් විසින් ගුවන්තොටුපොළේ දී සිදු කෙරුණි.

ඉන්පසුව මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුද හමුදාව මගින් නිරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.