සජිත් ජනාධිපති වුණා නම් 25,000 බැගින් දෙනවා.. මේ වගේ පෝලිම් නෑ..

දැන් එකම විකල්පය සජිත් අගමැති කිරීමයි..

අද මෙරට ජනාධිපති වරයා සජිත් ප්‍රේමදාස මහතා නම් සෑම පවුලකටම රුපියල් 25,000 බැගින් මසකට ලබාදෙන බව සමගි ජන බලවේගය පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි.

එමෙන්ම මැතිවරණය කල් දමා ඒ සඳහා වියදම් වන මුදල් ද ජනතාවට බෙදා දෙන බව ද ඔහු පැවසීය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට අවශ්‍ය බඩු භාණ්ඩ ඉතා පහසුවෙන් ම බෙදාහරින්නට තිබූ බවත් එවන් කටයුතු සඳහා සුදුසු ම සහ දක්ෂ ම නායකයා සජිත් ප්‍රේමදාස මහතා ඔහු කියා සිටියේය.

ඉදිරියේ දී ජනතාවට කිසිදු විකල්පයක් නැති බවත් එහි ඇති එකම විකල්පය සජිත් ප්‍රේමදාස මහතා අගමැති බවට පත් කිරීම බව ද ඔහු පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.