රනිල්ට බ්‍රිතාන්‍යයේ වෙළෙ‍ඳ අමාත්‍ය ධුරය හිමිවෙයි.. (Photos)

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් සිය රජයේ වෙළෙඳ අමාත්‍ය ධුරය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධනට පිරිනමා තිබේ.

රනිල් ජයවර්ධනගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර රනිල් ජයවර්ධන 2015 සිට හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.

ඉකුත් තෙරේසා මේ පාලනය යටතේ ද රනිල් ජයවර්ධන වෙළෙද කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කළේය.

රනිල් ජයවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ලන්ඩන් පාසලේ උපාධිධරයෙකි.

රනිල් ජයවර්ධන මහතා ට්විටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර සිටියේ මෙම තීරණාත්මක අවස්ථාවේ තමන් මෙම අමාත්‍ය ධුරයේ වැඩ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ධූරයට ශ්‍රී ලාංකිකයෙකු පත්වෙයි

Ranil Jayawardena MP on Twitter: "It has been a pleasure working ...

Leave A Reply

Your email address will not be published.