රුපියල් 5000 වැඩේ බැසිල්ට භාර දුන්නේ ඇයි? – විමල්ගෙන් හෙළිදරව්වක්

කොරෝනා වසංගත හමුවේ අපහසුතාවයට පත් ජනතාවට රුපියල් 5000 දීමනාව ලබාදීමේ සහන වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට භාර දුන්නේ ඔහු එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් නොවන නිසා බව භාරකාර රජයේ අමාත්‍ය ධුරයක් දරන විමල් වීරවංශ මහතා හෙළිදරව් කරයි.

මෙම වගකීම සෞඛ්‍ය ඇමතිතුමියට හෝ තමාට හෝ වෙනත් මැතිවරණයට ඉදිරිපත්වී සිටින කෙනෙකුට භාර දුන්නේ නම් ඉන් ප්‍රචාරණයක් ලැබෙන බවත් එය මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් බවත් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ නිසා ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බැසිල් රාජපක්ෂ මහතාට එම වගකීම භාර දීමට තීරණය කළ බව වීරවංශ මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. ඊට වාසුදේව නානායක්කාර මහතා ද සහභාගී විය.

Leave A Reply

Your email address will not be published.