උදය ගම්මන්පිල පාර්ලිමේන්තුව රැස් කරන්න කියන අයට කළ සරදම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීමට හැකි බව කියමින් සිටින නීති තර්ක නොතේරෙන පිරිස් හට අපූරු පිළිතුරක් ලබා දී තිබේ.

ඔහු විසින් ට්විටර් සමාජජාල වෙබ් අඩවියේ සටහනක් තබමින් මෙලෙස හාස්‍ය ජනක මෙන්ම නිර්මාණත්මක පිළිතුරක් ලබා දී තිබේ. ඔහු ඒ සඳහා ගායන ශිල්පී අතුල අධිකාරි විසින් ගායනා කරන විසිරුණු මල් පෙති ගීතය යොදාගෙන තිබුණි.

ගම්මන්පිල මහතා ඔහුගේ ට්විටර් සටහනේ පවසා තිබුණේ “විසිරුණු මැති සබේ යළි කැඳවන්න බැරි බව නීති තර්ක නොතේරෙන අයට අතුල අධිකාරි තේරෙන බසින් කිව්වේ මෙහෙමයි.” යන්නයි.

ඉන්පසුව ඔහු විසින් ගීතයේ කොටසක් ද උපුටා දක්වා තිබුණි.

“විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී

ඒ පෙත් එක්කර මලක් සොයන බොළඳී

සරදම් නොකරමි ආදරයෙන් කියමී

විසිරුණු මල් පෙති යළි මලක් නොවේ නැගණී…”

මෙම ට්විටර් සටහන බොහෝදෙනෙකුගේ අවධානයට ද යොමුව තිබුණි.

Leave A Reply

Your email address will not be published.