මං දුන්න උපදෙස් අනුව වැඩ කළා නම් ලංකාවට මෙහෙම වෙන්නේ නෑ..

හමුදාව නිසා කොරෝනා පාලනය අවුල් වෙලා..

කොරෝනා වසංගතය ආරම්භක අවධියේ තමන් විසින් හෙළිකරන ලද ආකාරයට කටයුතු කළේ නම් අද ශ්‍රී ලංකාවට මෙහෙම තත්ත්වයක් නොවන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ මුල් අවස්ථාවේ දී එදා තමන්ට හිනා වූ බවත් ඔහු කීය.

ආරක්ෂක හමුදාවන් සෞඛ්‍ය අංශය ඇතුළට ගොස් අද කොරෝනා පාලන වැඩසටහන අවුල් කර ඇති බව ද ඔහු පැවසීය.

හිටපු විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවක් අමතමිනි.

– Lanka C News

Leave A Reply

Your email address will not be published.