කොරෝනා සුව කරන්න දේශීය වෙදකමට බලධාරීන් තවමත් ලිඛිත අවසරයක් දී නෑ – ඉඳුරාගාරේ හිමි

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඊයේ (05) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

එහිදී මෙරට සිටින කොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඇති හැකියාව පිළිබඳව අදහස් පළ විය.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වු පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසා සිටියේ, අද වන විට පාරම්පරිකව ආයුර්වේද  ක්‍රම මගින් සුව කළ හැකි බව ඔප්පු කරමින් ඇති බවයි.

නමුත් මේ පිළිබඳව බලධාරීන් වාචිකව අවසර ලබා දුන්නාට ලිඛිතව පනතක් මගින් හෝ චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ද උන්වහන්සේ පැවසීය.

මෙසේ සිදුවන්නේ ගුරු කුල පිළිබඳ ගැටලුවක් ඇති නිසාවෙන් බවත් පැවසු උන්වහන්සේ, අදටත් පාරම්පරික හෝ ආයුර්වේද හෝ වෙනත් ඕනෑ ම වෛද්‍ය ක්‍රමයක් ද්විතීක වශයෙන් සලකනු ලබන්නේ, දැනුමේ බලඅධිකාරිය නිසාවෙන් බවත් කියා සිටියේය.

බටහිර කුලාධිපත්ත්‍ය විසින් මෙම තත්ත්වය උදා කර ඇතැයි ද පැවසු උන්වහන්සේ‍ පැවසීය.

මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසා සිටියේ, දිර්ඝ කාලයක් පුරා කොරෝනා සුව කළ හැකි බව රජයට පැවසු බවයි.

නමුත් වගකිව යුතු සංවිධාන ලෙස ඉවසීමෙන් බලා සිටි නමුත් මෙම කොරෝනා වෛරසය පාලනයට අවස්ථාවක් හිමි නොවු බවත් වෛද්‍යවරයා පැවසීය.

ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරියට දේශීය වෛද්‍ය සහාය ලබාගන්නා ලෙස දැනුම් දුන්න ද එවැන්නක් සිදු නොවූ බවත් ඒ මහතා කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.