වයිබර් තම පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය තවත් පියවරකින් ඔසවා තබමින් නව විශේෂාංගයක් හඳුන්වාදෙයි

නවතම disappearing messages විශේෂාංගය සමඟ බිලියනයකට අධික වයිබර් පාරිභෝගිකයන්ට තම දත්ත පිළිබඳ පූර්ණ පාලනයක් හිමිවෙයි

ලොව ප්‍රමුඛතම නව සන්නිවේදන මාධ්‍යයක් වන වයිබර්, සියලුම චැට් සඳහා “disappearing messages”විශේෂාංගය හඳුන්වාදීම පසුගියදා නිවේදනය කළේය. මීට පෙර වයිබර්හි secret chats සඳහා පමණක් සීමා වී තිබුණු මෙම විශේෂාංගය නුදුරේදීම සියලුම වයිබර් ග්‍රාහකයින්ට භාවිත කළ හැකිවනු ඇත.
මෙම විශේෂාංගය හරහා කෙටි පණිවුඩ, ඡායාරූප හා වීඩියෝ ආදිය වයිබර් හරහා කල්තබා යැවීමට සැලසුම් කළ හැක. එය තත්පර කිහිපයකට, මිනිත්තු කිහිපයකට හා පැය කිහිපයකට මෙන්ම දින කිහිපයකට පසු යැවීමට වුවද සැලසුම්කර තැබිය හැක. මෙහි අනෙක් විශේෂත්වය වන්නේ ග්‍රාහකයා අදාළ පණිවුඩය දැකීමෙන් සුළු වේලාවකට පසු එය ඉබේම මැකීයාම යි. ඒ අනුව මෙම විශේෂාංගය නිසා ලොව වඩාත්ම ආරක්ෂිත සන්නිවේදන ඇප් මෘදුකාංගය ලෙස වයිබර් හිමිකරගෙන ඇති ස්ථානය තවදුරටත් තහවුරු වනු ඇත.
මෙම disappearing විශේෂාංගය සහිත පණිවුඩයක් යැවීම සිදුකරන්නේ මෙසේ ය.
• චැට් එකෙහි යටින්ම ඇති ඔරලෝසු අයිකනය ස්පර්ශ කර පණිවුඩය ග්‍රාහකයා දැකීමෙන් පසු මැකී යා යුතු කාලසීමාව තෝරන්න.
• අනතුරුව පණිවුඩය ටයිප් කර ග්‍රාහකයාට යවන්න.
ගෙවුණු වසර ගණනාව පුරාම පාරිභෝගිකයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට තමන් තුළ වූ කැපවීම වයිබර් හොඳින් ප්‍රකටකර තිබේ. කෙටි පණිවුඩ ඇප් මෘදුකාංග ක්ෂේත්‍රයේ පෙරටුගාමියෙකු ලෙස 2015 වසරේදී “delete message” විශේෂාංගය, 2016 වසරේදී අනිවාර්ය end-to-end encryption සේවාව සහ 2017 දී සැඟවුණු හා රහස් සංවාද (hidden & secret chats) විශේෂාංගය වැනි නවෝත්පාදන රැසක් සිදුකිරීමට වයිබර් පියවර ගෙන ඇත. වයිබර් සිය disappearing messages සේවාව සියලු පාරිභෝගිකයන්ට හඳුන්වාදෙන්නේ තම රහස්‍යභාවය රැකීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙනයමිනි.
“සියලුම පෞද්ගලික චැට් සඳහා disappearing messages විශේෂාංගය අපි හඳුන්වාදෙන්නේ විශාල සතුටකින්. මෙය මුල්වරට 2017 වසරේදී රහසිගත චැට් සංවාද සඳහා අපි හඳුන්වාදුන්නා. නමුත් පුද්ගල රහස්‍යභාවය ආරක්ෂා කරන මෙවැනි සේවාවක් සෑම වයිබර් පාරිභෝගිකයෙකුටම ලබාදිය යුතු යැයි පසුකාලීනව අපි කල්පනා කළා. මැකීයාමට නියමිත පණිවුඩයක ස්ක්‍රීන් ෂොට් එකක් ග්‍රාහකයා ලබාගතහොත්, ඒ බව පණිවුඩය එවූ තැනැත්තා දැනුවත් කිරීමේ තාක්ෂණයක් පවා මීට අන්තර්ගතයි. එනිසා ලොව ආරක්ෂාකාරී ම කෙටි පණිවුඩ ඇප් මෘදුකාංගය ලෙස අප යන ගමනේ තවත් සන්ධිස්ථානයක් ලෙස මේ මොහොත හැඳින්විය හැකියි” යනුවෙන් වයිබර් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඔෆිර් එයාල් මහතා පැවසීය.
වීඩියෝව නරඹන්න: https://clck.ru/N4iey

Rakuten Viber පිළිබඳව:
රකුටෙන් වයිබර් සමාගමේ අරමුණ වන්නේ පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කිරීමයි. ලොව ඕනෑම තැනක සිටින ඕනෑම පුද්ගලයෙකුට වයිබර් සේවාව ලද හැකිය. මෙසේ ගෝලීය භාවිත කරන්නන් සියලුදෙනාට කෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම්, කණ්ඩායම් අතර කෙටි පණිවුඩ, තමන් වඩාත් කැමැති වෙළෙඳ නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම, සන්නිවේදනය කිරීම ආදී සේවාවන් රැසක් හිමිවේ. වයිබර් භාවිත කරන සියල්ලන් හටම ආරක්ෂාකාරී සහ නිදහස් වටපිටාවක තම හැඟීම් අන්‍යයන් හා බෙදාගත හැකි බව ද අපි සහතික කරන්නෙමු.
Rakuten Viber යනු ලොව ප්‍රධාන පෙළේ ඊ වානිජ්‍ය සහ මූල්‍ය සේවා සමාගමක් වන Rakuten Inc. සමාගමේ අනුබද්ධ ආයතනයකි. බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල සන්නිවේදන සහකරු ද වන වයිබර් සමාගම, සුප්‍රකට අමෙරිකානු පැසිපන්දු කණ්ඩායමක් වන Golden State Warriors පිළේ calling app සහකරු ද වේ. ඔබත් මෙතෙක් වයිබර් සමඟ එක් වී නොමැති නම් අදම වයිබර් ලෝකයට පිවිස ලොව උසස්ම සන්නිවේදන සේවා අත්දැකීම රිසි සේ විඳගන්න.

Leave A Reply

Your email address will not be published.