රටේ සියලුදෙනා දේශපාලන භේදයකින් තොරව එක්විය යුතුයි – සුමන්තිරන්

කොවිඩ් -19 වෛරසයට එරෙහිව රටේ සියලුදෙනා දේශපාලන භේදයකින් තොරව එක්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

ඊයේ (04) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සදහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත් වුණි.

ඒ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී ය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  පිරිසක් එක්ව සිටි අතර බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්.පීරිස් යන මහත්වරුන් ද ඊට එක්ව සිටියේය.

Leave A Reply

Your email address will not be published.